LankaTopTen - Astrology Sri Lanka

E-Mail
MySite
Free Site
Help
Sri Lanka Astrology
Welcome! Guest Login | Register | Astrology Help

Sri Lanka Astrology
Sri Lanka Astrology

  බ්‍රහස්පති( ගුරු ) ග්‍රහ මරුව 2012 Jupiter(Guru) Transit 2012  
මේෂවෘෂභමිතුණකටකසිංහකන්‍යාතුලාවෘශ්ච්කධනුමකරකුම්භමීන
AriesTaurusGeminiCancerLeoVirgoLibraScorpioSagittariusCapricornAquariusPisces

2012-05-17

බ‍්‍රහස්පති මාරුව - තුලා ලග්නය
වසරකට අධික කාලයක් මේෂ රාශියේ ගමන් කළ බ‍්‍රහස්පති 2012 මැයි මාසයේ 17 වැනි දින ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් පෙරවරු 4.08 ට වෘෂභ රාශියට පිවිසීමට නියමිතව ඇත. මෙම වෘෂභ රාශියේ බ‍්‍රහස්පති 2013 මැයි මාසයේ 31 වැනි දින දක්වා ගමන් කරයි.

මෙම වෘෂභ රාශියේ බ‍්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත 2012 ඔක්තෝම්බර් මාසයේ 24 වැනි දින සිට 2013 ජනවාරි මාසයේ 30 වැනි දින දක්වා කාලය ඇතුළත වෘෂභ රාශිය තුල වක‍්‍ර භාවයෙන් ගමන් කරයි.

බ‍්‍රහස්පති සියලූ දෙනාටම ශූභ ඵල ලබා දෙන ග‍්‍රහයකු වශයෙන් වැඩිදෙනා පිළිගනී. එහෙත් සෑම ලග්න හිමියෙකුටම බ‍්‍රහස්පති ශුභඵල උදා නොකරන අතර සමහර ලග්න හිමියන්ට බ‍්‍රහස්පති මාරක හා බාධාකාරී ග‍්‍රහයකු වශයෙන් ද කි‍්‍රයාත්මක වේ.

ඒ ඒ ලග්න හිමියන්ගේ විවිධ ස්ථානවල බ‍්‍රහස්පති ගමන් කරනු ලබන හෙයින් යම් යම් සුභ හෝ අශුභ ප‍්‍රතිඵල ඇති කරයි. 2012 දෙසැම්බර් මාසයේ 23 වැනි දින දක්වා බ‍්‍රහස්පති වෘෂභ රාශියේ ගමන් කරනු ලබන්නේ කේතු සමග සම්බන්ධ වීමෙනි. මීට අමතරව බ‍්‍රහස්පති වෘෂභ රාශිය තුල ගමන් කරන විට වෙනත් ග‍්‍රහයින්ගේ සංයෝගයට හා දෘෂ්ටි වලට ලක් කෙරේ. මෙම කරුණු සියල්ල සලකා බලන විට බ‍්‍රහස්පතිගේ මාරුව නිසා ඒ ඒ ලග්න හිමියන්ට ඇති කෙරෙන සුබ අශුභ තත්වයන් විමසා බලමු.

වෘෂභ රාශිය අට වැන්න වන්නේ තුලා ලග්න හිමියන්ටය. මෙම අට වැන්න බ‍්‍රහස්පතීට පමණක් නොව වෙනත් ග‍්‍රහයින්ට සුභදායක ස්ථානයන් නොවන අතර මෙම ස්ථානයේ බ‍්‍රහස්පතී ගමන් කරන කාලය ඇතුළත යහපත් ප‍්‍රතිඵල බෙහෙවින්ම අඩු කෙරේ. මුදල් තත්වය අසුභදායක වන අතර අතවශ්‍ය වියදම් ඇති කෙරේ. තම ආදායමට වඩා වියදම් තත්වය බෙහෙවින්ම වැඩි වීමට පිළිවන. අලූතින් යම් යම් දේවල් සම්බන්ධයෙන් කරනු ලබන ආයෝජන මගින් නිසි ප‍්‍රතිඵලයන් අත්පත් කර ගැනීමට අපහසුය. යම් යම් කරුණු සම්බන්ධයෙන් ණය ගැනීමට සිදු වේ.

අපකීර්ති, අස්ථානගත චෝදනා දෝෂාරෝපණ ඇති කරයි. ඥාතීන් හෝ තම සහකරුගේ හෝ සහකාරියගේ පාර්ශවයේ පුද්ගලයන් සමග අමනාපකම් ඇති කෙරෙන අතර පවුලේ තත්වය අයහපත් කෙරේ. ඔවුන් සමග යම් යම් ආකාරයේ මත භේද ඇති වේ. දරුවන් සමග ඇති සම්බන්ධතා දුරස්ථ වේ. විවාහ අපේක්‍ෂා කරන පුද්ගලයින්ට එම කාර්යයන් ඉටු කර ගැනීමට අපහසු වේ. පේ‍්‍රම සම්බන්ධතා වලින් කරදර බාධා ඇති කරයි.

නීතිමය වශයෙන් කරනු ලබන කටයුතු සාර්ථක නොවේ. විරුද්ධවාදීන් ඇති වීමට පිළිවන. ඒ නිසා ස්ථානවල යම් යම් අපහසුකම් තම රැුකියා තෘප්තිය අඩුවීම රැුකියාවෙන් නිසි ස්ථාන නොලැබීම වැනි දේවල් වලට මුහුණ දීමට සිදු වේ. අනියම් සම්බන්ධතා පවත්වන පුද්ගලයන්ට යම් යම් බාධා ඇති කරයි. එවැනි පුද්ගලයින් මෙම වර්ෂය ඇතුළත වඩාත් හොඳින් ප‍්‍රවේශම් විය යුතුය.

හදිසි අනතුරු විපත් ඇති කෙරෙන හෙයින් අනතුරුදායක කටයුතු වල නියැලෙන විට වඩාත් හොඳින් ප‍්‍රවේශම් ිවය යුතුය. කාන්තාවන්ගේ රෝග තත්වය වැඩි වේ. ගර්භාෂ ආශ‍්‍රිත රෝග හෝ ගබ්සාවීම් ඇති වේ. දරු උපත් සම්බන්ධයෙන් මෙම කාලය යෝග්‍ය නොවේ.

  බ්‍රහස්පති( ගුරු ) ග්‍රහ මරුව 2012 Jupiter(Guru) Transit 2012  
මේෂවෘෂභමිතුණකටකසිංහකන්‍යාතුලාවෘශ්ච්කධනුමකරකුම්භමීන
AriesTaurusGeminiCancerLeoVirgoLibraScorpioSagittariusCapricornAquariusPisces

  ඔබගේ කේන්දරය අනුව  

විස්තර පත්‍රිකාව මිලදී ගැනීම සදහා

  වාස්තු විද්යාදත්මක උපදේෂණය  

විස්තර පත්‍රිකාව මිලදී ගැනීම සදහා

  According to your Horoscope  

Buy a Astro Report

  Our Astrologer  

Publications of Premadasa Kalutantri ( B.A. - Sri Lanka )

  • Select your spouse through the Horoscope ( Kendrayen Sahakaru/ sahakariya Handuna ganna )
  • "Malwara nekatha" ( Constellation under which a girl attains puberty )
  • "Naari Deha Lakshana" - ( An examination of the various organs of the female body )
  • "Vivahaya Pramada Karana Grahayo" - The planets which delay marriage
  • Porondamen Anavaranaya novena Vivaha Getalu - Problems and issues not revealed by Porondam Analysis
  • Pawul Awul Karana Graha Blaya - Planetary Conditions which ruin family lives

Forecasting and auspicious times based on horoscopes

We undertake reading horoscopes with regard to the matters indicated below: You need not send your horoscope for this. It is enough if you just indicate your time of birth , date of birth, and the place of birth. If you were born in a country outside Sri Lanka, please indicate the time of birth in that country and the time difference between that country's time and GMT. Your order should indicate the particulars given below and also any specific area or matter which you are specially interested in ( like marriage, health, employment etc)

Sri Lanka astrology
Sri Lanka Search Engine |  Sri Lanka cricket |  Sri Lanka Web Directory |  Sri Lanka Elections |  Sri Lanka Jokes |  World Wide Web Index | 
2000 - 2008 © LankaTopTen.com