LankaTopTen - Astrology Sri Lanka |
||||||||
|
| Welcome! Guest | Login | Register | Astrology Help |

2012-05-17බ්රහස්පති මාරුව - සිංහ ලග්නය මෙම වෘෂභ රාශියේ බ‍්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත 2012 ඔක්තෝම්බර් මාසයේ 24 වැනි දින සිට 2013 ජනවාරි මාසයේ 30 වැනි දින දක්වා කාලය ඇතුළත වෘෂභ රාශිය තුල වක‍්‍ර භාවයෙන් ගමන් කරයි. බ‍්‍රහස්පති සියලූ දෙනාටම ශූභ ඵල ලබා දෙන ග‍්‍රහයකු වශයෙන් වැඩිදෙනා පිළිගනී. එහෙත් සෑම ලග්න හිමියෙකුටම බ‍්‍රහස්පති ශුභඵල උදා නොකරන අතර සමහර ලග්න හිමියන්ට බ‍්‍රහස්පති මාරක හා බාධාකාරී ග‍්‍රහයකු වශයෙන් ද කි‍්‍රයාත්මක වේ. ඒ ඒ ලග්න හිමියන්ගේ විවිධ ස්ථානවල බ‍්‍රහස්පති ගමන් කරනු ලබන හෙයින් යම් යම් සුභ හෝ අශුභ ප‍්‍රතිඵල ඇති කරයි. 2012 දෙසැම්බර් මාසයේ 23 වැනි දින දක්වා බ‍්‍රහස්පති වෘෂභ රාශියේ ගමන් කරනු ලබන්නේ කේතු සමග සම්බන්ධ වීමෙනි. මීට අමතරව බ‍්‍රහස්පති වෘෂභ රාශිය තුල ගමන් කරන විට වෙනත් ග‍්‍රහයින්ගේ සංයෝගයට හා දෘෂ්ටි වලට ලක් කෙරේ. මෙම කරුණු සියල්ල සලකා බලන විට බ‍්‍රහස්පතිගේ මාරුව නිසා ඒ ඒ ලග්න හිමියන්ට ඇති කෙරෙන සුබ අශුභ තත්වයන් විමසා බලමු. දහ වැන්න තුල බ‍්‍රහස්පති ගමන් කරන කාලය ඇතුලත බලවත් ආකාරයෙන් ශුභ පළයන් ඇති කරනු ලබන්නේ උත්පත්තියේ දී බ‍්‍රහ්ස්පති බල තත්වයෙන් පසු වුවහොත්් පමණී. මෙම ස්ථානයේ බ‍්‍රහ්සපති ගමන් කරන කාලය ඇතුලත මිල මුදල් නාස්තිය ඇති කෙරේ. සමහර අවස්ථාවලදී සුළු වශයෙන් ලාභ ප‍්‍රයෝජන ඇති වුවද එමගින් විශාල සහනයක් නොලැබේ. පවුල් ජීවිත ගත කරන අයට යහපත් කාලයක් නොවන අතර අනියම් සම්බන්ධතා ඇති වීමට පුළුවන. එමගින් යම් යම් දෝෂාරෝපණ අස්ථානගත චෝදනා ඇති වේ. විවාහ අපේක්‍ෂාවෙන් සිටින පුද්ගලයන්ට යම් යම් බාධා ඇති කෙරේ. පේ‍්‍රම සම්බන්ධතා බිඳ වැටේ. ඉවසීමෙන් කටයුතු නොකළහොත් පාඩු අලාභ වැනි දේවල් පමණක් නොව සමාජ අපවාදයන්ට පවා ලක් කෙරේ. රැුකියා වෙනස්වීම් ඇති කෙරේ. එවැනි වෙනස්වීම් වලින් ඔබේ අපේක්‍ෂාවන් ඉටු නොවේ. තම උත්සාහයේ පමණට ප‍්‍රතිඵල නොලැබේ. ඇසුරු කරන පුද්ගලයන් කෙරේ අධි තක්සේරුවකින් කි‍්‍රයා නොකළ යුතුය. ජයග‍්‍රහණ අපේක්ෂාවෙන් කරනු ලබන දේවල් වලින් පරාජයක් ඇති වේ. විවේකය අඩු කෙරෙන අතර නිෂ්ඵල ගමන් කෙරේ. සිත යොමු වේ. කීර්තිය හා තම හොඳහිත පලූදු වීමට ඉඩ ඇති හෙයින් බ‍්‍රහස්පති මෙම දහ වැන්න තුල ගමන් කරන කාලය ඇතුළත සෑම අතින්ම ප‍්‍රවේශමෙන් කටයුතු කිරීම බෙහෙවින්ම යෝග්‍යය. ජීවිතය තුල යම් යම් අපහසුකම් සමග සෞඛ්‍ය තත්වය පිරිහී යෑමට ඉඩ ඇත. බෝ වන රෝග වැළඳීමේ ප‍්‍රවණතාවය වැඩි වීමට පිළිවන. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත පුද්ගලයන්ට තම අධ්‍යාපනය ඉටුකර ගැනීමට අවස්ථා ඇති කෙරේ. |
| Sri Lanka Search Engine | Sri Lanka cricket | Sri Lanka Web Directory | Sri Lanka Elections | Sri Lanka Jokes | World Wide Web Index | |
| 2000 - 2008 © LankaTopTen.com |