LankaTopTen - Astrology Sri Lanka |
||||||||
|
| Welcome! Guest | Login | Register | Astrology Help |

2012-05-17බ්‍රහස්පති මාරුව - මිතුණ ලග්නය මෙම වෘෂභ රාශියේ බ්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත 2012 ඔක්තෝම්බර් මාසයේ 24 වැනි දින සිට 2013 ජනවාරි මාසයේ 30 වැනි දින දක්වා කාලය ඇතුළත වෘෂභ රාශිය තුල වක්‍ර භාවයෙන් ගමන් කරයි. බ්‍රහස්පති සියලූ දෙනාටම ශූභ ඵල ලබා දෙන ග්‍රහයකු වශයෙන් වැඩිදෙනා පිළිගනී. එහෙත් සෑම ලග්න හිමියෙකුටම බ්‍රහස්පති ශුභඵල උදා නොකරන අතර සමහර ලග්න හිමියන්ට බ්‍රහස්පති මාරක හා බාධාකාරී ග්‍රහයකු වශයෙන් ද කි‍්‍රයාත්මක වේ. ඒ ඒ ලග්න හිමියන්ගේ විවිධ ස්ථානවල බ්‍රහස්පති ගමන් කරනු ලබන හෙයින් යම් යම් සුභ හෝ අශුභ ප්‍රතිඵල ඇති කරයි. 2012 දෙසැම්බර් මාසයේ 23 වැනි දින දක්වා බ්‍රහස්පති වෘෂභ රාශියේ ගමන් කරනු ලබන්නේ කේතු සමග සම්බන්ධ වීමෙනි. මීට අමතරව බ්‍රහස්පති වෘෂභ රාශිය තුල ගමන් කරන විට වෙනත් ග්රහයින්ගේ සංයෝගයට හා දෘෂ්ටි වලට ලක් කෙරේ. මෙම කරුණු සියල්ල සලකා බලන විට බ්‍රහස්පතිගේ මාරුව නිසා ඒ ඒ ලග්න හිමියන්ට ඇති කෙරෙන සුබ අශුභ තත්වයන් විමසා බලමු. මිථුන ලග්න හිමියාගේ දොළොස් වැන්න තුල බ්රහ්සපති ගමන් කරන හෙයින් වියදම් තත්වයන් වැඩි කෙරේ. අනාගත අපේක්ෂා හමා ගෙන මුදල් වැය කිරීමට සිදු වුවද එමගින් ලැබෙන ප්‍රතිඵල අත්පත් කර ගැනීමට කාලයක් ගත වේ. පවුලේ හා දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් වැඩි වියදමක් දැරීමට සිදුවේ. වෙළඳ ව්‍යාපාරිකයන්ට බලාපොරොත්තු වන තරම් ලාභාදායක තත්වයන් ඇති නොවේ. පවුලේ සමායට සමගියට යහපත් කාලයක් නොවේ. විවාහ අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන්ගේ කටයුතු වලට බාධා ඇති කෙරේ. අනියම් සම්බන්ධතා ඇති කෙරේ. අනිසි කාම සේවනයට ලක්වන හෙයින් අස්ථානගන චෝදනා හෝ සමාජයෙන් අපවාද ඇසීමට සිදුවේ. පදිංචි ස්ථාන වල වෙනසක් ඇති කෙරේ. තම පදිංචි ස්ථානයට වඩා වෙනත් ස්ථානවල කාලය ගත කිරීමට වැඩි කැමැත්ක් දක්වයි. ආගමික හා ගුප්ත කෙරේ උනන්දුවක් දක්වන අතර එවැනි දේවල් වලින් පිළිසරණ අපේක්ෂා කරයි. සිතේ පවතින එකඟතාවය අඩු කෙරෙන අතර සමහර අවස්ථාවලදි නිසි තීරණයන්ට එළඹීමට අපහසු තත්වයන් ඇති කරයි. ප්‍රසිද්ධිය හා ගෞරවය අඩු කෙරෙන අතර සතුරු කරදර බාධාවන් වැනි දේවල් ඇති වීමට පිළිවන. රැුකියා සම්බන්ධ අපහසුතා ඇති කෙරෙන අතර රැුකියා තෘප්තිය හෝ රැුකියා පිළිබඳ බාධාවන් ඇති වේ. සෞඛ්‍ය තත්වය දුර්වල කෙරෙන අතර ශරීර තත්වය අඩුවීම හෝ ස්නායුගත අසනීප තත්වයන් ඇති වේ. වරින් වර කණගාටුදායක සිදුවීම් වලට මුහුණ දීමට සිදුවේ. මෙවැනි අයහපත් තත්වයන් ඇති වුවද අන්‍යයන්ට උදව් උපකාරයන් කිරීමට හෝ පුණ්‍ය කටයුතු වලට සහභාගී වීමට අවස්ථාද ඇති කෙරේ. මෙම කාලය ඇතුළත නීතිමය කටයුතු වලින් ඔබ අපේක්ෂා කරනු ලබන උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නුපුළුවන. |
| Sri Lanka Search Engine | Sri Lanka cricket | Sri Lanka Web Directory | Sri Lanka Elections | Sri Lanka Jokes | World Wide Web Index | |
| 2000 - 2008 © LankaTopTen.com |