LankaTopTen - Astrology Sri Lanka |
||||||||
|
| Welcome! Guest | Login | Register | Astrology Help |

2012-05-17බ්රහස්පති මාරුව - වෘෂභ ලග්නය මෙම වෘෂභ රාශියේ බ‍්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත 2012 ඔක්තෝම්බර් මාසයේ 24 වැනි දින සිට 2013 ජනවාරි මාසයේ 30 වැනි දින දක්වා කාලය ඇතුළත වෘෂභ රාශිය තුල වක‍්‍ර භාවයෙන් ගමන් කරයි. බ‍්‍රහස්පති සියලූ දෙනාටම ශූභ ඵල ලබා දෙන ග‍්‍රහයකු වශයෙන් වැඩිදෙනා පිළිගනී. එහෙත් සෑම ලග්න හිමියෙකුටම බ‍්‍රහස්පති ශුභඵල උදා නොකරන අතර සමහර ලග්න හිමියන්ට බ‍්‍රහස්පති මාරක හා බාධාකාරී ග‍්‍රහයකු වශයෙන් ද කි‍්‍රයාත්මක වේ. ඒ ඒ ලග්න හිමියන්ගේ විවිධ ස්ථානවල බ‍්‍රහස්පති ගමන් කරනු ලබන හෙයින් යම් යම් සුභ හෝ අශුභ ප‍්‍රතිඵල ඇති කරයි. 2012 දෙසැම්බර් මාසයේ 23 වැනි දින දක්වා බ‍්‍රහස්පති වෘෂභ රාශියේ ගමන් කරනු ලබන්නේ කේතු සමග සම්බන්ධ වීමෙනි. මීට අමතරව බ‍්‍රහස්පති වෘෂභ රාශිය තුල ගමන් කරන විට වෙනත් ග‍්‍රහයින්ගේ සංයෝගයට හා දෘෂ්ටි වලට ලක් කෙරේ. මෙම කරුණු සියල්ල සලකා බලන විට බ‍්‍රහස්පතිගේ මාරුව නිසා ඒ ඒ ලග්න හිමියන්ට ඇති කෙරෙන සුබ අශුභ තත්වයන් විමසා බලමු. වෘෂභ ලග්න හිමියන්ගේ බ‍්‍රහස්පති ලග්නයේ ගමන් කරන කාලය ඇතුලත ශුභඵලයක් ලැබන්නේ කලාතුරකිනි. එසේ වන්නේ ලග්නාධිපති ග‍්‍රහ බලය හා සෙසු ග‍්‍රහයින් බල තත්වය යහපත් ආකාරයෙන් පැවතිය හොත් පමණි. මෙම ලග්නයේ ගමන් කරන කාලය ඇතුළත අනපේක්‍ෂිත වියදම් වැඩි කෙරේ. මෙම කාල සීමාව ඇතුලත තම මුදල් පාලනය සම්බන්ධයෙන් වැඩි ප‍්‍රවේශමෙන් කටයුතු නොකළහොත් පාඩු හෝ අලාභ වැනි දේවල් ඇති කෙරේ. අලූතින් යම් යම් ව්‍යාපෘති හෝ ලාභ අපේක්‍ෂාවෙන් කරනු ලබන කටයුතු වලින් යහපත් ප‍්‍රතිඵල ඇති නොවේ. පවුලේ සාමාජිකයන්ගෙන් ඈත් වීම හෝ ඔවුනොවුන් අතර පවත්නා සම්බන්ධතා අඩු කෙරෙන අතර තමාගෙන් උදව් උපකාරයන් ලැබූ යම් යම් පිරිස් තමා වෙතින් ඉවත් වීම හෝ නොසලකා හැරීම වැනි දේවල් ඇති වීමට පිළිවන. විවාහ සම්බන්ධතා යහපත් නොවන අතර අනියම් සම්බන්තා ඇති කෙරේ. රැුකියා සම්බන්ධයෙන් යහපත් නොවන අතර සේවක සේව්‍ය දෙපක්‍ෂ සමග බැඳීම් ගිලිහී යයි. මානසික පීඩාවන් වැනි දේවල් ඇති කෙරේ. අන්‍යයන් වෙනුවෙන් නිෂ්ඵල වියදම් ඇති කරයි. මානසික වශයෙන් පීඩාවන් ඇති වේ. නිතර නිතර බිය මුසු හැඟීම් ඇති වන අතර තමන්ට යම් යම් පුද්ගලයන්ගෙන් කරදර බාධා වැනි දේවල් ඇති වෙතැයි අස්ථාන බියක් හිතේ පවතී. සතුටුමත් භාවය අඩුවන අතර හුදකලා ජීවිතයට වැඩි කැමැත්තක් දක්වයි. ශරීර සෞඛ්‍යය දුර්වල වීම හෝ සිරුරේ ශක්තිය හීන වීම ඇති වේ. |
| Sri Lanka Search Engine | Sri Lanka cricket | Sri Lanka Web Directory | Sri Lanka Elections | Sri Lanka Jokes | World Wide Web Index | |
| 2000 - 2008 © LankaTopTen.com |