LankaTopTen - Astrology Sri Lanka |
||||||||
|
| Welcome! Guest | Login | Register | Astrology Help |

2012-05-17බ්රහස්පති මාරුව - වෘශ්ච්ක ලග්නය මෙම වෘෂභ රාශියේ බ‍්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත 2012 ඔක්තෝම්බර් මාසයේ 24 වැනි දින සිට 2013 ජනවාරි මාසයේ 30 වැනි දින දක්වා කාලය ඇතුළත වෘෂභ රාශිය තුල වක‍්‍ර භාවයෙන් ගමන් කරයි. බ‍්‍රහස්පති සියලූ දෙනාටම ශූභ ඵල ලබා දෙන ග‍්‍රහයකු වශයෙන් වැඩිදෙනා පිළිගනී. එහෙත් සෑම ලග්න හිමියෙකුටම බ‍්‍රහස්පති ශුභඵල උදා නොකරන අතර සමහර ලග්න හිමියන්ට බ‍්‍රහස්පති මාරක හා බාධාකාරී ග‍්‍රහයකු වශයෙන් ද කි‍්‍රයාත්මක වේ. ඒ ඒ ලග්න හිමියන්ගේ විවිධ ස්ථානවල බ‍්‍රහස්පති ගමන් කරනු ලබන හෙයින් යම් යම් සුභ හෝ අශුභ ප‍්‍රතිඵල ඇති කරයි. 2012 දෙසැම්බර් මාසයේ 23 වැනි දින දක්වා බ‍්‍රහස්පති වෘෂභ රාශියේ ගමන් කරනු ලබන්නේ කේතු සමග සම්බන්ධ වීමෙනි. මීට අමතරව බ‍්‍රහස්පති වෘෂභ රාශිය තුල ගමන් කරන විට වෙනත් ග‍්‍රහයින්ගේ සංයෝගයට හා දෘෂ්ටි වලට ලක් කෙරේ. මෙම කරුණු සියල්ල සලකා බලන විට බ‍්‍රහස්පතිගේ මාරුව නිසා ඒ ඒ ලග්න හිමියන්ට ඇති කෙරෙන සුබ අශුභ තත්වයන් විමසා බලමු. වෘශ්චික ලග්න හිමියාගේ බ‍්‍රහස්පති ගමන් කරනු ලබන්නේ හත් වැන්න තුලය. මෙම ස්ථානයේ බ‍්‍රහස්පතිගේ බල තත්වය බෙහෙවින් වර්ධනය කෙරෙන හෙයින් මෙම හත් වැන්න තුල බ‍්‍රහස්පති ගමන් කරන කාල සීමාව ඇතුලත තම කාර්යයන් වඩාත් උසස් තත්වයෙන් ඉටුකර ගැනීමට අවස්ථාවන් උදා කෙරේ. කරන කියන දේවල් වලින් වැඩි ප‍්‍රතිලාභයක් අත්පත් කර ගැනීමට පිළිවන. අතිරේක මුදල් ප‍්‍රතිලාභ අත්පත් කර ගැනීමට පිළිවන. යම් යම් ව්‍යාපාර සම්බන්ධයෙන් මුදල් ආයෝජනය කරනු ලබන්නේ නම් එමගින් වැඩි ලාභ ප‍්‍රයෝජන අත්පත් කර ගැනීමට පිළිවන. හත් වැන්න ලග්නය විවාහය සම්බන්ධයෙන් බලයක් පවතින ස්ථානයකි. මෙම ස්ථානයේ බ‍්‍රහස්පතී ගමන් කරන කාලය ඇතුලත විවාහ අපේක්‍ෂාවෙන් සිටින පුද්ගලයන්ට මංගල යෝග ඇති කෙරේ. විවාහය සම්බන්ධයෙන් පැවැති බාධාවන් ඉවත් කෙරේ. ස්තී‍්‍රන්ට පුරුෂයන්ගෙන් ද පුරුෂයන් ස්තී‍්‍රන් ටද උදව් උපකාර ලැබෙන අතර අනියම් කාම සම්පත් වැඩි අපහසුතාවකින් තොරව ලබා ගැනීමට පිළිවන. ප‍්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගේ ආදරය සෙනෙහස ලබා ගැනීමට අවස්ථා ඇති වේ. දරුවන් අපේක්‍ෂා කරන්නේ නම් එම අරමුණු ඉටුකර ගැනීමට පිළිවන. මෙම කාල සීමාව ඇතුළත පිළිසිද ගන්නා දරුවන් සෑම අතින්ම වාසනා ගුණයෙන් යුක්තය. පවුලේ කටයුතු තුල යම් සංවර්ධනයක් ඇති කෙරෙන අතර හවුලේ කරන කටයුතු වලින් වැඩි ප‍්‍රතිලාභ හිමි වේ. දරුවන් සමග පවත්නා ඇසුර වැඩි කෙරේ. පී‍්‍රති උත්සව පි‍්‍රය සම්භාෂණ වැනි දේවල් වලට සහභාගී වීමට ඉඩ ඇති අතර උසස් පුද්ගලයන්ගේ ඇසුරට පත්වන අතර ඔවුන්ගේ ආධාර උපකාර ලබා ගැනීමට අවස්ථාවන් උදා කෙරේ. සෞඛ්‍ය තත්වය යහපත් කෙරේ. මානසික තත්වය වඩාත් උසස් තත්වයට පත් වේ. අධ්‍යාපන කටයුතු වල නිරත පුද්ගලයන්ට ඔවුන්ගේ අවශ්‍යතා වඩාත් හොඳින් ඉටුකර ගැනීමට පිළිවන. අලූතින් ඉගෙනීමේ කටයුතු පටන් ගැනීමට වඩාත් සුදුසුය. |
| Sri Lanka Search Engine | Sri Lanka cricket | Sri Lanka Web Directory | Sri Lanka Elections | Sri Lanka Jokes | World Wide Web Index | |
| 2000 - 2008 © LankaTopTen.com |