LankaTopTen - Astrology Sri Lanka |
||||||||
|
| Welcome! Guest | Login | Register | Astrology Help |

2012-05-17බ්‍රහස්පති මාරුව - කටක ලග්නය මෙම වෘෂභ රාශියේ බ්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත 2012 ඔක්තෝම්බර් මාසයේ 24 වැනි දින සිට 2013 ජනවාරි මාසයේ 30 වැනි දින දක්වා කාලය ඇතුළත වෘෂභ රාශිය තුල වක්‍ර භාවයෙන් ගමන් කරයි. බ්‍රහස්පති සියලූ දෙනාටම ශූභ ඵල ලබා දෙන ග්‍රහයකු වශයෙන් වැඩිදෙනා පිළිගනී. එහෙත් සෑම ලග්න හිමියෙකුටම බ්‍රහස්පති ශුභඵල උදා නොකරන අතර සමහර ලග්න හිමියන්ට බ්‍රහස්පති මාරක හා බාධාකාරී ග්‍රහයකු වශයෙන් ද කි‍්‍රයාත්මක වේ. ඒ ඒ ලග්න හිමියන්ගේ විවිධ ස්ථානවල බ්‍රහස්පති ගමන් කරනු ලබන හෙයින් යම් යම් සුභ හෝ අශුභ ප්‍රතිඵල ඇති කරයි. 2012 දෙසැම්බර් මාසයේ 23 වැනි දින දක්වා බ්‍රහස්පති වෘෂභ රාශියේ ගමන් කරනු ලබන්නේ කේතු සමග සම්බන්ධ වීමෙනි. මීට අමතරව බ්‍රහස්පති වෘෂභ රාශිය තුල ගමන් කරන විට වෙනත් ග්රහයින්ගේ සංයෝගයට හා දෘෂ්ටි වලට ලක් කෙරේ. මෙම කරුණු සියල්ල සලකා බලන විට බ්‍රහස්පතිගේ මාරුව නිසා ඒ ඒ ලග්න හිමියන්ට ඇති කෙරෙන සුබ අශුභ තත්වයන් විමසා බලමු. කටක ලග්න හිමියාගේ අයස්ථානය වූ එකළොස් වැන්න තුල බ්‍රහස්පති ගමන් කාලය ඇතුළත ධන සම්පත් වැඩි දියුණු වේ. තම ආදායම් තත්වයන් තර කර ගැනීමට පිළිවන. පසුගිය කාලයේ පාඩු හෝ අලාභ ලැබූ පුද්ගලයන්ට තම ව්‍යාපාර තුලින් අධික ලාභ ගැනීමට අවස්ථාවන් ඇති වේ. අලූතින් බදවා ගන්නා පුද්ගලයින් තුලින් යම් යම් ආර්ථික ප්රතිලාභ අත්පත් කර ගැනීමට පිළිවන. යම් යම් පුද්ගලයන්ගෙන් ගරු සැලකිලි ඇති කෙරෙන අතර වැඩි දෙනා චිත්රත්වය පතා පැමිණෙන කාලයකි. අඹු සැමි පේ‍්‍රමය බෙහෙවින්ම වර්ධනය කෙරේ. විවාහ අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන්ගේ එම අරමුණු ඉටුකර ගැනීමට අවස්ථාවක් උදා කෙරේ. පෙම්වතුන්ට වඩාත් යහපත් කාලයකි. ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගේ ඇසුර ඇති කෙරේ. දරුවන් අපේක්ෂාවෙන් සිටී නම් එම බලාපොරොත්තු ඉටු වේ. දරුවන් සමග පවතින සම්බන්ධතා වැඩි දියුණු වේ. සැනසිලිදායක හා පී‍්‍රතිමත්ව කාලය ගත කිරීමට අවස්ථාව උදාවේ. අලූතින් යම් යම් තීරණ ගැනීමට අදහස් කරනු ලබන්නේ නම් එම කටයුතු වඩාත් යහපත් තත්වයෙන් ඉටුකර ගැනීමට පිළිවන. සතුරු කරදර බාධා වැනි දේවල් ඉවත් වේ. තම සැමියාගේ හෝ භාර්යාවගේ ඥාතීන්ගෙන් යම් උදව් උපකාරයන් ලැබේ. කායික හා මානසික සුවතාවය වර්ධනය වන අතර අපේක්ෂා කරන ආකාරයෙන් ආහාර පාන වර්ග ලබා ගැනීමට පිළිවන. මෙම එකළොස් වැන්න තුල බ්‍රහස්පතිගේ ගමන නිසා අධ්‍යාපන කටයුතු යහපත් තත්වයට පත් කෙරේ. කාලයක් තිස්සේ අතහැර දමා තිබූ අධ්‍යාපන නැවත ආරම්භ කිරීමට අවස්තාවන් උදා කෙරේ. |
| Sri Lanka Search Engine | Sri Lanka cricket | Sri Lanka Web Directory | Sri Lanka Elections | Sri Lanka Jokes | World Wide Web Index | |
| 2000 - 2008 © LankaTopTen.com |