LankaTopTen - Astrology Sri Lanka |
||||||||
|
| Welcome! Guest | Login | Register | Astrology Help |

2012-05-17බ්රහස්පති මාරුව - මීන ලග්නය මෙම වෘෂභ රාශියේ බ‍්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත 2012 ඔක්තෝම්බර් මාසයේ 24 වැනි දින සිට 2013 ජනවාරි මාසයේ 30 වැනි දින දක්වා කාලය ඇතුළත වෘෂභ රාශිය තුල වක‍්‍ර භාවයෙන් ගමන් කරයි. බ‍්‍රහස්පති සියලූ දෙනාටම ශූභ ඵල ලබා දෙන ග‍්‍රහයකු වශයෙන් වැඩිදෙනා පිළිගනී. එහෙත් සෑම ලග්න හිමියෙකුටම බ‍්‍රහස්පති ශුභඵල උදා නොකරන අතර සමහර ලග්න හිමියන්ට බ‍්‍රහස්පති මාරක හා බාධාකාරී ග‍්‍රහයකු වශයෙන් ද කි‍්‍රයාත්මක වේ. ඒ ඒ ලග්න හිමියන්ගේ විවිධ ස්ථානවල බ‍්‍රහස්පති ගමන් කරනු ලබන හෙයින් යම් යම් සුභ හෝ අශුභ ප‍්‍රතිඵල ඇති කරයි. 2012 දෙසැම්බර් මාසයේ 23 වැනි දින දක්වා බ‍්‍රහස්පති වෘෂභ රාශියේ ගමන් කරනු ලබන්නේ කේතු සමග සම්බන්ධ වීමෙනි. මීට අමතරව බ‍්‍රහස්පති වෘෂභ රාශිය තුල ගමන් කරන විට වෙනත් ග‍්‍රහයින්ගේ සංයෝගයට හා දෘෂ්ටි වලට ලක් කෙරේ. මෙම කරුණු සියල්ල සලකා බලන විට බ‍්‍රහස්පතිගේ මාරුව නිසා ඒ ඒ ලග්න හිමියන්ට ඇති කෙරෙන සුබ අශුභ තත්වයන් විමසා බලමු. තුන් වැන්න බ‍්‍රහස්පතිට යහපත් ස්ථානයක් නොවේ. මෙම ස්ථානයේ බ‍්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත මුදල් අගහිඟකම් හා ණයතුරුස් වලට ලක්වේ. අන්‍යයන්ගෙන් ලැබීමට නියමිතව තිබු මුදල් නොලැබී යෑම නිසා ආර්ථික අපහසුකම් වලට ලක්වේ. වෙළඳ ව්‍යාපාර වල නියුක්ත පුද්ගලයන්ට බලාපොරොත්තු නොවූ අලාභයන් ඇති කෙරේ. සහෝදර සම්බන්ධතා බිඳ වැටේ. ඔවුන් සමග අමනාපකම් ඇති වේ. කිට්ටුම ඥාතියෙකුට බලවත් මාරක අපල තත්වයක් ඇති කෙරේ. නැදෑයින් සමග කරන ගණුදෙනු වලින් පාඩු හෝ අලාභ ඇති වීමට පිළිවන. ජයග‍්‍රහණ අපේක්‍ෂාවෙන් කරනු ලබන කටයුතු වලින් පරාජය ඇති කෙරේ. මේ නිසා මානසික අසහනකාරී තත්වයන් පීඩාවන්ට ගොදුරු වේ. කීර්ති නාමය පහත වැටේ. අස්ථාන චෝදනා දෝෂාරෝපණ වැනි දේවල් වලට මුහුණ දීමට සිදුවේ. රාජ්‍ය අංශයේ රැුකියා වල නියුක්ත පුද්ගලයන් පාලකයන්ගේ දෝෂා දර්ශනයට ලක්වේ. රැුකියා වල බලාපොරොත්තු නොවු අවුල් වියවුල් ඇති වීමට ඉඩ ඇත. වැඩි දෙනාගේ ප‍්‍රසාදය නොලැබෙන අතර ඔවුන්ගේ උදහසට ලක්වේ. ප‍්‍රයෝජනවත් නොවන දේවල් වලට වැඩි වශයෙන් කාලය ගත කිරීමට සිදුවේ. දුර ගමන් වල යෙදීමට සිදු වන අතර එමගින් අනපේක්‍ෂිත කරදර බාධා ඇති කරයි. සැප පහසුකම් අඩු කරයි. සමාජ තත්වයන් නැති වී යයි. අධ්‍යාපන අංශ කෙරේ යොමු වී සියින පුද්ගලයින්ට එම කාර්යයන් නිසිතත්වයෙන් අවසන් කර ගැනීමට නොහැකිය. විභාග සම්මුඛ පරීක්‍ෂණ වලින් අපේක්‍ෂිත ප‍්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වේ. අලූතින් යම් යම් දේවල් පටන් ගැනීමට අදහස් කර ගෙන සිටියද එවැනි කටයුතු කි‍්‍රයාත්මක කරන විට යම් යම් බාධා ඇති වේ. පවුලේ සාමාජිකයන් හා දරුවන් සමග ඇති සම්බන්ධතා දුරස් වේ. පදිංචි ස්ථාන වෙනස් වේ. විදේශ ගත වීමට ඉඩකඩ සැලසුනද එමගින් අපේක්‍ෂිත අරමුුණු ඉටු නොවේ. විවාහ අපේක්‍ෂාවෙන් සිටින අයට යම් යම් ගැටලූවලට මුහුණ දීමට සිදු වේ. අඹු සැමියන් අතර මතභේද උදා වේ. සෞඛ්‍ය තත්වය තරමක් දුරටත පහත වැටෙන අතර අසනීප තත්වයෙන් පසුවන රෝගීන්ට යහපත් කාලයක් නොවන අතර බෝවන රෝග හා හිස ආශි‍්‍රත රෝග වැළදීමේ ප‍්‍රවණතාවය වැඩි කෙරේ. |
| Sri Lanka Search Engine | Sri Lanka cricket | Sri Lanka Web Directory | Sri Lanka Elections | Sri Lanka Jokes | World Wide Web Index | |
| 2000 - 2008 © LankaTopTen.com |