LankaTopTen - Astrology Sri Lanka |
||||||||
|
| Welcome! Guest | Login | Register | Astrology Help |

2012-05-17බ්රහස්පති මාරුව - කුම්භ ලග්නය මෙම වෘෂභ රාශියේ බ‍්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත 2012 ඔක්තෝම්බර් මාසයේ 24 වැනි දින සිට 2013 ජනවාරි මාසයේ 30 වැනි දින දක්වා කාලය ඇතුළත වෘෂභ රාශිය තුල වක‍්‍ර භාවයෙන් ගමන් කරයි. බ‍්‍රහස්පති සියලූ දෙනාටම ශූභ ඵල ලබා දෙන ග‍්‍රහයකු වශයෙන් වැඩිදෙනා පිළිගනී. එහෙත් සෑම ලග්න හිමියෙකුටම බ‍්‍රහස්පති ශුභඵල උදා නොකරන අතර සමහර ලග්න හිමියන්ට බ‍්‍රහස්පති මාරක හා බාධාකාරී ග‍්‍රහයකු වශයෙන් ද කි‍්‍රයාත්මක වේ. ඒ ඒ ලග්න හිමියන්ගේ විවිධ ස්ථානවල බ‍්‍රහස්පති ගමන් කරනු ලබන හෙයින් යම් යම් සුභ හෝ අශුභ ප‍්‍රතිඵල ඇති කරයි. 2012 දෙසැම්බර් මාසයේ 23 වැනි දින දක්වා බ‍්‍රහස්පති වෘෂභ රාශියේ ගමන් කරනු ලබන්නේ කේතු සමග සම්බන්ධ වීමෙනි. මීට අමතරව බ‍්‍රහස්පති වෘෂභ රාශිය තුල ගමන් කරන විට වෙනත් ග‍්‍රහයින්ගේ සංයෝගයට හා දෘෂ්ටි වලට ලක් කෙරේ. මෙම කරුණු සියල්ල සලකා බලන විට බ‍්‍රහස්පතිගේ මාරුව නිසා ඒ ඒ ලග්න හිමියන්ට ඇති කෙරෙන සුබ අශුභ තත්වයන් විමසා බලමු. සතර වැන්න දේපල බලය හා හිත සම්බන්ධ ප‍්‍රධාන ස්ථානයයි. එසේ වුවද මෙම ස්ථානයේ බ‍්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත මානසික තෘප්තිය අඩු කෙරෙන අතර ස්නායු ප‍්‍රකෝප වීම නිසා ඔබේ කටයුතු ඔබ අපේක්‍ෂා කළ ආකාරයෙන් ඉටු කර ගැනීමට අවස්ථාවන් නොලැබේ. තම කාර්යක්‍ෂමතාව අඩු කෙරෙන අතර උදාසීන ගති මන්දෝත්සාහි භාවය ඇති වීමට පිළිවන. මෙම කාලය ඇතුළත බලාපොරොත්තු හා අපේක්‍ෂාවන් බිඳ වැටේ. මවුපස ඥාතීන් සමග අතවශ්‍ය ආකාරයේ ගැටුම් ඇති කර ගැනීමට සිදුවේ. වියදම් තත්වය වැඩි කෙරේ. සමහර අවස්ථා වලදී අනවශ්‍ය ආකාරයෙන් මුදල් වියදම් කෙරේ. අධික ලාභ අපේක්‍ෂාවෙන් කරනු ලබන කටයුතු වලින් ඔබ අපේක්‍ෂා කළ ප‍්‍රතිඵල ලබා ගැනීමට අපහසුවේ. මෙම කාලය ඇතුළත මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් දැඩි පාලනයක් ඇති කර ගතහොත් අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට පිළිවන. උත්පත්තියේ දී බ‍්‍රහස්පති බලතත්වයෙන් පසු වේ නම් දේපල හා ඉඩම් විකිණීමෙන් හෝ මිලදී ගැනීමේ ලාභ ප‍්‍රයෝජන අත්පත් කර ගැනීමට අවස්ථාවක් ඇති වේ. දේපල සම්බන්ධයෙන් නීතියේ පිහිට පැතීමට සිදු වුවද එමගින් ඔබ අපේක්‍ෂා කරන තරම් යහපත් ප‍්‍රතිඵල අත්පත් කර ගැනීමට අවස්ථාවක් නොලැබේ. එබැවින් මෙම කාලය ඇතුළත නීතිමය කටයුතු පටන් ගැනීමට යෝග්‍ය නොවේ. විවාහ අපේක්‍ෂාවෙන් සිටින පුද්ගලයින්ට යම් යම් බාධා ඇති කෙරේ. අපේක්‍ෂා කරන ආකාරයේ සහකරුවකු හෝ සහකාරියකු නොලැබේ. මෙම කාලය තුල සිදු කර ගන්නා විවාහ වලින් කායික පීඩා ඇති කරයි. පෙම්වතුන්ට අයහපත් කාලයකි. තම පෙම්වතාගේ හෝ පෙම්වතියගේ කූට උපාය මාර්ගයන්ට ගොදුරු වීමට ඉඩ ඇත. අඹු සැමියන් අතර මතභේද වැඩි කෙරේ. බ‍්‍රහස්පති උත්පත්තියේ දී දුර්වල තත්වයෙන් පසුවේ නම් මෙම තත්වයන් වඩාත් අයහපත්ය. පදිංචි ස්ථාන අතහැර දැමීමට සිදුවේ. දරුවන් සහ අඹු සැමියන් අතර මතභේද ඇති කෙරෙන හෙයින් තම නිවසේ පදිංචිය එපා වන තත්වයට පත් වේ. හුදකලා ජීවිතයට වැඩි මනාපයක් ඇති වේ. තමා ඇසුරේ සිටි පුද්ගලයන් අමනාප වන අතර ඔවුන් පසු කාලයකදී විරුද්ධවාදීන් ලෙස කි‍්‍රයා කරයි. පහත් ගතිගුණ වලින් යුක්ත පුද්ගලයන් ඇසුරට පත්වීම නිසා සෙමෙන් අපවාද දෝෂාරෝපන වලට මුහුණ දීමට සිදුවේ. නිෂ්ඵල ගමන් වල යෙදීමට සිදුවන අතර එමගින් අමතර වියදම් ඇති කෙරේ. සමස්ථයක් වශයෙන් ගත්කළ මෙම සතර වැන්න තුල බ‍්‍රහස්පතිගේ ගමන යහපත් නොවේ. වෙනත් ග‍්‍රහ බල උසස් තත්වයෙන් පවතී නම් මෙම අශුභදායක තත්වයන් තරමක් දුරට හෝ අවම කර ගැනීමට පිළිවන. |
| Sri Lanka Search Engine | Sri Lanka cricket | Sri Lanka Web Directory | Sri Lanka Elections | Sri Lanka Jokes | World Wide Web Index | |
| 2000 - 2008 © LankaTopTen.com |