LankaTopTen - Astrology Sri Lanka |
||||||||
|
| Welcome! Guest | Login | Register | Astrology Help |

2012-05-17බ්රහස්පති මාරුව - මකර ලග්නය මෙම වෘෂභ රාශියේ බ‍්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත 2012 ඔක්තෝම්බර් මාසයේ 24 වැනි දින සිට 2013 ජනවාරි මාසයේ 30 වැනි දින දක්වා කාලය ඇතුළත වෘෂභ රාශිය තුල වක‍්‍ර භාවයෙන් ගමන් කරයි. බ‍්‍රහස්පති සියලූ දෙනාටම ශූභ ඵල ලබා දෙන ග‍්‍රහයකු වශයෙන් වැඩිදෙනා පිළිගනී. එහෙත් සෑම ලග්න හිමියෙකුටම බ‍්‍රහස්පති ශුභඵල උදා නොකරන අතර සමහර ලග්න හිමියන්ට බ‍්‍රහස්පති මාරක හා බාධාකාරී ග‍්‍රහයකු වශයෙන් ද කි‍්‍රයාත්මක වේ. ඒ ඒ ලග්න හිමියන්ගේ විවිධ ස්ථානවල බ‍්‍රහස්පති ගමන් කරනු ලබන හෙයින් යම් යම් සුභ හෝ අශුභ ප‍්‍රතිඵල ඇති කරයි. 2012 දෙසැම්බර් මාසයේ 23 වැනි දින දක්වා බ‍්‍රහස්පති වෘෂභ රාශියේ ගමන් කරනු ලබන්නේ කේතු සමග සම්බන්ධ වීමෙනි. මීට අමතරව බ‍්‍රහස්පති වෘෂභ රාශිය තුල ගමන් කරන විට වෙනත් ග‍්‍රහයින්ගේ සංයෝගයට හා දෘෂ්ටි වලට ලක් කෙරේ. මෙම කරුණු සියල්ල සලකා බලන විට බ‍්‍රහස්පතිගේ මාරුව නිසා ඒ ඒ ලග්න හිමියන්ට ඇති කෙරෙන සුබ අශුභ තත්වයන් විමසා බලමු. මකර ලග්න හිමියාගේ බ‍්‍රහස්පති පස් වැන්න තුල ගමන් කරයි එබැවින් අයස්ථානය බ‍්‍රහස්පතිගෙන් බලවත් වේ. මේ නිසා තම ආදායම් තත්වය වර්ධනය කෙරේ. කෘෂි කාර්මික ඛනිජ සම්පත්, මැණික් කර්මාන්තය වැනි අංශ වල යෙදී සිටින පුද්ගලයන්ට විශේෂ මුදල් වාසි අත්පත් කර ගැනීමට අවස්ථාවන් ඇති කෙරේ. මෙම ස්ථානයේ බ‍්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත විවිධ ක‍්‍රම මගින් ධන සම්පත් වැඩි දියුණු කෙරේ. කාලයක් තිස්සේ ලැබීමට තිබූ මුදල් මෙම කාල සීමාව තුල ලබා ගැනීමට පිළිවන. මෙම පස් වැන්න තුල බ‍්‍රහස්පති ගමන් කරන ඇතුළත විවාහ අපේක්‍ෂාවෙන් සිටින පුද්ගලයන්ගේ එම අභිමථාර්තයන් ඉටු කර ගැනීමට පු`ථවන. පේ‍්‍රම වන්තයින්ට වඩාත් හොඳ සුභඵල ඇති වේ. අඹු සැමියන් අතර පවතින මිත‍්‍රශීලීත්වය උසස් ආකාරයෙන් කි‍්‍රයාත්මක වේ. දරු ඇති කර ගැනීමට අදහස් කරන පුද්ගලයන්ට වඩාත් සුභදායක වේ. දෙමව්පියන් හා දරුවන් අතර පවතින සුහදශීලිභාවය වැඩි කෙරේ ඔවුනොවුන් අතර පවතින සම්බන්ධ නිසා පවුලේ වැඩි දියුණුවක් සැලකේ. දේශීය හා විදේශීය මිත‍්‍රයන්ගේ උදව් උපකාරයන් ලබා ගැනීමට පිළිවන. මිහිරි ආහාරපාන වර්ග ලැබෙන අතර ශරීරය ප‍්‍රසන්න භාවයට පත් වේ. මෙම පස්වැන්න තුල බ‍්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත බුද්ධිය යොදා කරනු ලබන දේවල් වලින් වඩාත් හොඳ ප‍්‍රතිඵලයන් අත්පත් කර ගැනීමට අවස්ථා උදා කෙරෙන අතර විභාග සම්මුඛ පරීක්‍ෂණ ආදියට සහභාගී වන්නේ නම් උසස් ආකාරයේ ප‍්‍රතිඵල ලබා ගැනීමට පිළිවන. කුඩා ළමුන්ට අත්පොත් තැබීම හෝ නවතා දමා තිබූ අධ්‍යාපන කටයුතු නැවත පටන් ගැනීමට වඩාත් යෝග්‍ය කාලයකි. තම සෞඛ්‍ය තත්වය යහපත් කෙරෙන අතර සිරුර පුරා ප‍්‍රසන්න භාවය ඇති කෙරේ. මානසික තත්වය යහපත් වේ. එමගින් පී‍්‍රතිමත්ව කාලය ගත කිරීමට අවස්ථාව ඇති කෙරේ. කායික හා මානසික තෘප්තිය උසස් ආකාරයෙන් පවතී. අලංකාර ඇඳුම් පැළදුම් පි‍්‍රයංකර තත්වයේ යාන වාහන නිවාස ලබා ගැනීමට අවස්ථාවක් ඇති වේ. කාලයක් තිස්සේ නොලැබුණු යම් යම් පහසුකම් මෙම කාලයේ ලබා ගැනීමට පිළිවන. දේපල බලය වැඩි කෙරේ. රැුකියා උසස් වීම් ඇති කෙරෙන අතර රැුකියා අපේක්‍ෂාවෙන් සිටින පුද්ගලයන්ගේ එම අරමුණු ඉටු කර ගැනීමට පිළිවන. |
| Sri Lanka Search Engine | Sri Lanka cricket | Sri Lanka Web Directory | Sri Lanka Elections | Sri Lanka Jokes | World Wide Web Index | |
| 2000 - 2008 © LankaTopTen.com |