LankaTopTen - Astrology Sri Lanka |
||||||||
|
| Welcome! Guest | Login | Register | Astrology Help |

2012-05-17බ්රහස්පති මාරුව - මේෂ ලග්නය මෙම වෘෂභ රාශියේ බ‍්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත 2012 ඔක්තෝම්බර් මාසයේ 24 වැනි දින සිට 2013 ජනවාරි මාසයේ 30 වැනි දින දක්වා කාලය ඇතුළත වෘෂභ රාශිය තුල වක‍්‍ර භාවයෙන් ගමන් කරයි. බ‍්‍රහස්පති සියලූ දෙනාටම ශූභ ඵල ලබා දෙන ග‍්‍රහයකු වශයෙන් වැඩිදෙනා පිළිගනී. එහෙත් සෑම ලග්න හිමියෙකුටම බ‍්‍රහස්පති ශුභඵල උදා නොකරන අතර සමහර ලග්න හිමියන්ට බ‍්‍රහස්පති මාරක හා බාධාකාරී ග‍්‍රහයකු වශයෙන් ද කි‍්‍රයාත්මක වේ. ඒ ඒ ලග්න හිමියන්ගේ විවිධ ස්ථානවල බ‍්‍රහස්පති ගමන් කරනු ලබන හෙයින් යම් යම් සුභ හෝ අශුභ ප‍්‍රතිඵල ඇති කරයි. 2012 දෙසැම්බර් මාසයේ 23 වැනි දින දක්වා බ‍්‍රහස්පති වෘෂභ රාශියේ ගමන් කරනු ලබන්නේ කේතු සමග සම්බන්ධ වීමෙනි. මීට අමතරව බ‍්‍රහස්පති වෘෂභ රාශිය තුල ගමන් කරන විට වෙනත් ග‍්‍රහයින්ගේ සංයෝගයට හා දෘෂ්ටි වලට ලක් කෙරේ. මෙම කරුණු සියල්ල සලකා බලන විට බ‍්‍රහස්පතිගේ මාරුව නිසා ඒ ඒ ලග්න හිමියන්ට ඇති කෙරෙන සුබ අශුභ තත්වයන් විමසා බලමු. ධනස්ථානය වූ දෙවැන්න තුල බ‍්‍රහස්පති ගමන් කරන හෙයින් තම ආදායම් තත්වයන් වැඩි දියුණුවේ. වෙළඳ ව්‍යාපාර වලට සම්බන්ධ පුද්ගලයන්ට අධික ලාභ අත්වන කාලයකි. බුද්ධිය යොදා කරනු ලබන කටයුතු මුදල් ලාභ වැඩි කෙරේ. විවාහ අපේක්‍ෂාවෙන් සිටින පුද්ගලයන්ගේ එම අරමුණු පහසුවෙන් ඉටු වේ. අඹු සැමියන් අතර පවතින සුහදත්වය වර්ධනය වේ. පේ‍්‍රම සම්බන්ධතා අපේක්‍ෂාවෙන් සිටින්නේ එම අදහස් සපලමත් වනු ඇත. අලූතින් බලවත් පිරිස් හඳුනා ගැනීමට අවස්ථා උදා වේ. කාලයක් තිස්සේ ඈත් වී සිටින ඥාති මිත‍්‍රාදීන් නැවත හමු වෙනවා පමණක් නොව ඔවුන්ගේ ආධාර උපකාර ලබා ගැනීමට පිළිවන. පිරිස් බලය ඇති වේ. රැුකියා බලාපොරොත්තුවෙන් සිටී නම් එම අපේක්‍ෂාවන් ඉටු වේ. වෙළඳ ව්‍යාපාර හෝ ස්වයං රැුකියාලාභීන්ට අතමිට සරුවන කාලයකි. සේවක සේව්‍ය දෙපක්‍ෂය අතර පවත්නා සම්බන්ධතා වැඩි කෙරෙන රැුකියා තෘප්තිය උසස් ආකාරයෙන් භුක්ති වීදීමට අවස්ථා උදා කෙරේ. පි‍්‍රය සම්භාෂණ හා ආගමික උත්සව වල සහභාගී වීමට ඉඩ ප‍්‍රස්ථා ඇතිවේ. අධ්‍යාපන කටයුතු වල නිරත පුද්ගලයින්ගේ කාර්යයන් යහපත් තත්වයෙන් ඉටු කර ගැනීමට පිළිවන. අලූතින් ඉගෙනීම් කටයුතු ආරම්භ කිරීමට අදහස් කරනු ලබන්නේ නම් එමගින් යහපත් ප‍්‍රතිඵල අත්පත් කර ගැනීමට පිළිවන. තම සෞඛ්‍ය තත්වය යහපත් වන අතර කාලයක් තිස්සේ පැවති රෝග පීඩා සමනය වී සුවපත් භාවය ඇති කෙරේ. දරුවන් අපේක්‍ෂා කරන අයගේ එම ප‍්‍රාර්ථනා ඉටු වේ. |
| Sri Lanka Search Engine | Sri Lanka cricket | Sri Lanka Web Directory | Sri Lanka Elections | Sri Lanka Jokes | World Wide Web Index | |
| 2000 - 2008 © LankaTopTen.com |